-- නිරෝගී චිර ජීවනය සඳහා --

Who can apply for our membership.

(සිංහල පරිවර්ථනය වෙබ් පිටුවෙහි පහලින්) 


 

We expect that you have a good awareness about CHIRA – JEEWA membership now. According to above articles you may realize that you have to fulfill certain basic qualifications to apply for our membership those qualifications are as follows.. 

1)  The applicant should have a great intention to have a healthy life by preventing diseases:Cool

 

-Majority of people think about their health in this manner. But still there are some people who do not care about their own health. They have less awareness about life even. This membership is not suitable for that group of people because to maintain our membership the member should also have to give an active contribution.

2)      The applicant should have an awareness about western medicine & he / she must believe this science:Wild

-Sri Lanka is an eastern developing country which has lot of native medical practices & even nonscientific treatment methods. We cannot expect an ideal awareness about western medicine form the people in Sri Lanka. But at least the applicant must understand that the western medicine is a science & it has excellent results & outcomes. Otherwise they will not be able to obtain expected benefits form this CHIRA –JEEWA membership.

3)      The applicant should have a basic knowledge about information technology:Cool

-Our members will have to deal with information technology for some extent. You would have understood that fact form our above descriptions. But if you are a member of a social media web site like Face book or Twitter, that experience is more than enough to maintain our membership .you must have the enthusiasm to learn new things.

4)      The applicant should have a good awareness about the benefits & services of CHIRA – JEEWA membership :Wow

Instead of massive advertising & marketing campaigns we have chosen this way of addressing your wisdom to introduce this mission to the general public. Majority of Sri Lankans are intelligent enough to read & understand this kind of explanations. Therefore that understanding is more important. Only who join with us with proper understanding can go a long journey with us .People that join due to others influence, will fail. Therefore read these materials thoroughly and understand our mission properly. It is very important to understand that membership fees & other service charges are merely to sustain this mission & our main objective is not that.

Cool


 

Social determinants of health....learn and join with us...

 


අපගේ සාමාජිකතවය සහා අයදුම් කළ හැක්කේ කාටද? Smile


 

මින් පෙර මාතෘකා යටතේ වු ලිපි කියවා ඔබ අවබෝධ කරගත් කරුණු අනුව චිර -ජිව සාමාජිකතවය යනු කුමකද යන්න ඔබ නිවැරදිව අවබෝධ කරගෙන ඇතැයි අපි සිතමු.එනිසා ඒ සඳහා අයදුම් කිරීමට යම් මුලික සුදුසුකම් කිහිපයක් සම්පුර්ණ විය යුතු බව ඔබටම අවබෝධ වන්නට ඇත. ඒ අනුව එම සුදුසුකම් කිහිපය අපි මෙසේ සාරංශ ගත කරමු.

1)     වලක්වා ගත හැකි ලෙඩ රෝග වලක්වාගෙන නිරෝගීව ජිවත්වීමට තමාතුල දැඩි උවමනාවක් පැවතීම:-   Sad 

 බොහෝ දෙනා තමගේ සෞඛ්‍ය ගැන මේ ආකාරයෙන් සිතුවත් තවත් සමහරක් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොමැත.ඔවුන් ජිවිතාවබෝධයෙන් පවා අඩු මට්ටමක පවතී. එවැනි මානසිකත්වයක් ඇති අයට මෙම සාමාජිකත්වය නොගැලපේ. මක්නිසාදයත් සාමාජිකත්වය පවත්වාගෙන යාම සඳහා සාමාජිකයාගෙන්ද යම් ක්‍රියාකාරී දායකත්වයක් අවශ්‍ය වන බැවිනි.

2)     බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබදව අවබෝධය සහ විශ්වාසය පැවතීම:-   Wild

ශ්‍රීලංකාව, පෙරදිග ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මෙන්ම ගුප්ත විද්‍යා ක්‍රමවේද පවා ප්‍රචලිතව පවතින තුන්වන ලෝකයේ රටක්. එවැනි රටක ජනතාව තුල බටහිර වෛද්‍ය විද්‍යාව ගැන ඇති අවබෝධය මෙන්ම විශ්වාසය අල්පයි.එය විද්‍යාත්මක ක්‍රමවේදයක් බව තේරුම් ගත් සහ එහි විශිෂ්ඨ ප්‍රතිඵල ගැන විශ්වාසයක් පවතින පුද්ගලයින්ට පමණක් මෙම චිර-ජීව සාමාජිකත්වය ගැලපේ. එසේ නොමැති පුදුගලයින්ට මෙහි නිසි ප්‍රතිඵල ලබා ගත නොහැක.

බටහිර වෛද්‍ය විද්‍යාව ගැන ශ්‍රී ලාංකිකයින් සමහරෙකු තුළ අඩු විශ්වාසයක් ඇති වීමට අපාගේ සමාජ සංස්කෘතික සහ ආගමික හර පද්ධතීන්ද යම් බලපෑමක් ඇති කරන බව අපගේ විශ්වාසයයි. නවීන විද්‍යාව  සහ බටහිර වෛද්‍ය විද්‍යාව තුලින් තමාගේ සෞඛ්‍ය ප්‍රශ්ණ වලට විසදුම් සොයනවා වෙනුවට ඔවුන් වෙනත් ක්‍රම වේද වෙත යොමුවන්නේ මෙම බලපෑම නිසාය.නැතහොත් කිසිදු ක්‍රීයාකාරී උත්සාහයන් නොගෙන සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්තට හෝ පෙර කර්මයට බාරදී ජිවිත අදුරු කරගන්නේද ඒ නිසයි.මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. දියුණු ජාතීන් තුල මෙවැනි ආකල්ප ඇත්තේම නැති තරම්.දියුණු ජාතීන් තරයේ විශ්වාස කරන  කරුණක් නම් "නවීන විද්‍යාව ලෝකය සහ ජීවිත තමාට උවමනා පරිදි වෙනස් කර ගැනීමට පහසු වෙන්ම
භාවිතා කළ හැකි  දෙයක්"  බවයි.

එනිසා-

 I. පළමුව අපගේ ආකල්ප වෙනස් කර ගත යුතුය.

II.දෙවනුව මෙම විද්‍යාත්මක ක්‍රම වේද පිළිබඳව ධනාත්මකව සිතිය යුතුය.

III.තුන්වනුව එම ක්‍රම වේද සමග ක්‍රීයාකාරීව සම්බන්ධ විය යුතුය.

ඔබට මෙම සේවාවන්ගේන් නිසිඵල නෙලාගැනීමට හැකි වනුයේ ඉහත පියවර තුන අනුගමනය කළ හොත් පමණි-

3)     තොරතුරු තාක්ෂණය පිළිබඳ මුලික අවබෝධයක් පැවතීම:-  Cool

 අප සාමාජිකයන් හට තොරතුරු තාක්ෂණය සමඟ යම් තාක් දුරට ගණු-දෙනු කිරීමට සිදු වෙයි. ඒ බව ඔබට ඉහත කළ විස්තර වලින් පැහැදිලි වෙයි. නමුත් ඔබ Face Book හෝ Twitter  වැනි සමාජ වෙබ් අඩවියක සාමාජිකයෙකුනම් එම දැනුම මේ සඳහා ඕනැවටත් වඩා ප්‍රමාණවත්. අවශ්‍ය වන්නේ නොදන්න දේ ඉගෙන ගැනීමට ඇති උනන්දුව පමණයි.

4)     චිර-ජිව සාමාජිකත්වය තුලින් ලැබෙන ප්‍රයෝජන සහ සේවාව පිළිබ නිසි අවබෝධයක් පැවතීම:- Sad

   හුදු වෙළද ප්‍රචාරන ක්‍රම වේදයන්ගෙන් බැහැරව ඔබගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම සඳහා මෙවැනි දෙයක් අපි නිර්මාණය කළේ ඒ නිසායි. යමක් කියවා එහි සැබෑ අරමුණු තේරුම් ගැනීමට තරම් ශ්‍රී ලංකිකයින් බහුතරයක් බුද්ධිමත්. බුද්ධියෙන් ලබන එම අවබෝධය වෙළද ප්‍රචාරනයෙන් කිසි දිනක ලබා දිය නොහැක. අප සංවිධානයේ ප්‍රධානම සහ සැබෑ අරමුණ වෙත ලංවිමට අප අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රම වේදය පිළිබඳවද අවබෝධයක් පැවතිය යුතුය. එසේ අවබෝධ කරගත් අයට පමණක් මෙම සමාජිකත්වය ගැලපේ අනවබෝධයෙන් යුතුව හෝ වෙනත් අයකුගේ උවමනාවට අප සමඟ එක්වන අයට අප සමඟ දුර ගමනක් යාමට නොහැක. සාමාජික ගාස්තු සහ සේවා ගාස්තු  අයකිරීම  සංවිධානයේ පැවැත්ම සහා මිස අපගේ මුලික අරමුණ එය නොවන බවද ඔබ මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධානතම කරුණකි. 

🎁 ALL RIGHTS RESERVED WITH CJMS™ 🎁

【CJMS™-©-2017】